Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 5:22 - Sinhala New Revised Version 2018

22 යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 යුද්ධය දෙවියන්වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටුණෝය. වාල්කමට ගෙනයාම දක්වා ඔව්හු මොවුන්ගේ ඉඩමෙහි වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 5:22
11 හුවමාරු යොමු  

ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.


කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය.


තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.


ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.


ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයි ය; ඔහුගේ පුත්‍රයා නහත් ය;


නම් වශයෙන් ලියන ලද මොවුහු ජුදාහි රජ වූ හෙසකියාගේ කාලයේ දී අවුත් එහි සම්බවුණ මෙයුනිවරුන්ටත්, ඔවුන්ගේ කූඩාරම්වලටත් පහර දී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින් ම නැතිකර දමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ එළු බැටළු රැළවල්වලට එහි තණ බිම් තිබුණේ ය.


ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පනස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පනස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය.


ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි!


ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.


දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ටත්, ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත්, මෙයුනිවරුන්ටත් විරුද්ධ ව ඔහුට උපකාර කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්