Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 19:3 - Sinhala New Revised Version 2018

3 එවිට අම්මොන්වරුන්ගේ අධිපතීහු හානුන්ට කතා කොට, “දාවිත් ඔබ ළඟට ඔබ සනසන පිණිස දූතයන් එවූ නිසා, ඔහු ඔබේ පියාට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? ඔහුගේ සේවකයන් ඔබ වෙත ආවේ, දේශය පරීක්ෂා කර, ඔත්තු බලා, එය නාස්ති කරන අදහසින් නොවේ දැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවිට අම්මොන්වරුන්ගේ අධිපතීහු හානුන්ට කතා කොට, “දාවිත් ඔබ ළඟට ඔබ සනසන පිණිස දූතයන් එවූ නිසා, ඔහු ඔබේ පියාට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? ඔහුගේ සේවකයන් ඔබ වෙත ආවේ, දේශය පරීක්ෂා කර, ඔත්තු බලා, එය නාස්ති කරන අදහසින් නොවේ දැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු හානූන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? ඔහුගේ සේවකයන් ඔබ වෙතට ආවේ දේශය විභාගකර, ඔත්තු බලා, ඒක නාස්තිකරන අදහසින් නොවේදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 19:3
12 හුවමාරු යොමු  

ආකීෂ් පිළිතුරු දෙමින්, “මට පෙනෙන හැටියට දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ නිදොස් බව මම දනිමි. එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු, ‘ඔබ අප කැටුව යුද්ධයට නොආ යුතු ය’යි කී හ.


එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?


දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස, තමන්ගේ සියලු සෙනඟ අතරෙන් තමන්ගේ ම පෙළපෙත් වික්‍රමාන්විත මිනිසුන් පස්දෙනෙකු තෝරාගෙන, ශොරා ද එෂ්තායොල් ද සිට යවමින්, “ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නැ”යි ඔවුන්ට කීවෝ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝ ය.


එහෙත්, අම්මොන්වරුන්ගේ අධිපතීහු තමන්ගේ ස්වාමීන් වන හානුන්ට කතා කොට, “දාවිත් ඔබ වෙත සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබේ පියාණන්ට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙත එවා ඇත්තේ, නගර සෝදිසි කර ඔත්තු බලා එය විනාශ කරන අදහසින් නො‍වේ දැ”යි කී හ.


දාවිත් වනාහි, “හානුන්ගේ පියා වූ නාහාෂ් මට කරුණාව පෙන් වූ නිසා මමත් හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවී ය. දාවිත්ගේ සේවකයෝ හානුන් සනසන්න අම්මොන්වරුන්ගේ දේශයට ඔහු වෙත පැමිණියෝ ය.


එවිට හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා, ඔවුන්ගේ රැවුල් බූගා, දණ හිසෙන් ඉහළට ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්න හැරියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්