Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 19:2 - Sinhala New Revised Version 2018

2 දාවිත් වනාහි, “හානුන්ගේ පියා වූ නාහාෂ් මට කරුණාව පෙන් වූ නිසා මමත් හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවී ය. දාවිත්ගේ සේවකයෝ හානුන් සනසන්න අම්මොන්වරුන්ගේ දේශයට ඔහු වෙත පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දාවිත් වනාහි, “හානුන්ගේ පියා වූ නාහාෂ් මට කරුණාව පෙන් වූ නිසා මමත් හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවී ය. දාවිත්ගේ සේවකයෝ හානුන් සනසන්න අම්මොන්වරුන්ගේ දේශයට ඔහු වෙත පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 දාවිත් වනාහි: හානූන්ගේ පියවූ නාහාෂ් මට කරුණාව පෙන්වූ නිසා මමත් හානූන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවීය. දාවිත්ගේ සේවකයෝ හානූන් සනසන්ට අම්මොන් පුත්‍රයන්ගේ දේශයට ඔහු වෙතට පැමුණුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 19:2
14 හුවමාරු යොමු  

දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.


එහි දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විය. ඔහුට සිය ප්‍රඥාවෙන් ඒ නුවර ගැළවිය හැකි විය. එහෙත්, කිසිවෙකු ඒ දිළිඳු මනුෂ්‍යයා ගැන සිතුවේ නැත.


ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී, අම්මොනි ජාතිකයන් ද මෝවබ් ජාතිකයන් ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට සාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා,


ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ.


ඔහු ළඟ සිටි අම්මොනි ජාතික ටෝබියා ද කතා කොට, “ඔවුන් ගොඩනඟන මේ පවුර කුමක් ද? හිවලෙකු එයට නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනු ඇතැ”යි කීවේ ය.


එලිෂා ද කතා කොට, “මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝ සේ මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතු ද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමැති ද? කියා ඇගෙන් අසන්නැ”යි ගෙහාසීට කී ය. ඈ ද, “මාගේ ම සෙනඟ අතරේ මම වාසය කරමි”යි උත්තර දුන්නා ය.


දාවිත් කතා කොට, “බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය.


දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.


මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.


ඉක්බිති අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් මළේ ය. ඔහුගේ පුත්‍රයා වූ හානුන් ඔහු වෙනුවට රජ විය.


එවිට අම්මොන්වරුන්ගේ අධිපතීහු හානුන්ට කතා කොට, “දාවිත් ඔබ ළඟට ඔබ සනසන පිණිස දූතයන් එවූ නිසා, ඔහු ඔබේ පියාට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? ඔහුගේ සේවකයන් ඔබ වෙත ආවේ, දේශය පරීක්ෂා කර, ඔත්තු බලා, එය නාස්ති කරන අදහසින් නොවේ දැ”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්