Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:19 - Sinhala New Revised Version 2018

19 සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ස්වාමීන්වහන්ස, ඔබ මේ මුළු මහත් දෙය කොට මේ සියලු මහත් දේ දැන්නුවේ ඔබගේ මෙහෙකරුවා උදෙසාත් ඔබගේ සිතේ හැටියටත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:19
15 හුවමාරු යොමු  

මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”


දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය.


එසේ ය, පියාණෙනි, ඔබට ප්‍රිය මනාප එය ම ය.


එතුමාණෝ කතා කොට, “ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක.


“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.


එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.


එතුමාණන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමාණන්ගේ දැහැමිකම සදාතන ය.


ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය.


ඔබේ මෙහෙකරුවාට පෙන්වූ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්න ද? මන්ද, ඔබ වහන්සේ ඔබේ මෙහෙකරුවා දන්න සේක.


සමිඳාණන් වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.


සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්