Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 17:10 - Sinhala New Revised Version 2018

10 එනම්, මා විසින් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට වීර නායකයන් පත් කරන ලද කාලයේ සිදු වූ පරිදි දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්ති නොකරන්නෝ ය. මම නුඹේ සියලු සතුරන් යටත් කරන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් ගොඩනඟන බව නුඹට දන්වමි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එනම්, මා විසින් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට වීර නායකයන් පත් කරන ලද කාලයේ සිදු වූ පරිදි දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්ති නොකරන්නෝ ය. මම නුඹේ සියලු සතුරන් යටත් කරන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් ගොඩනඟන බව නුඹට දන්වමි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට සිදුවූවාක් මෙන්ද දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්තිනොකරන්නෝය; නුඹේ සියලු සතුරන් යටත්කරන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට ගෘහයක් ගොඩනගන බව නුඹට දන්වමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:10
16 හුවමාරු යොමු  

එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.


නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි.


මාගේ සෙනඟ වන ඉශ්රායෙල් තමන්ගේ ම දේශයෙහි වාසය කොට, මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට දේශයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද, මුල දී සිදු වූ පරිදි


සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.


සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.


මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි; ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.


තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.


මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.


එබැවින් සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළ, මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් අතට උන් වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල් සෙනඟ කුෂාන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙවර කළහ.


ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්