1 ලේකම් 16:8 - Sinhala New Revised Version 20188 සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්. පරිච්ඡේදය බලන්න |
ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”