Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 14:11 - Sinhala New Revised Version 2018

11 ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝ ය. දාවිත් එහි දී ඔවුන්ට පහර දී, කතා කරමින්, “දෙවියන් වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැල්මක් මෙන් විසුරුවා හැරිය සේකැ”යි කීවේ ය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝ ය. දාවිත් එහි දී ඔවුන්ට පහර දී, කතා කරමින්, “දෙවියන් වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැල්මක් මෙන් විසුරුවා හැරිය සේකැ”යි කීවේ ය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝය, දාවිත් එහිදී ඔවුන්ට පහරදී: දෙවියන්වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැලීමක් මෙන් විසුරුවා හැරියසේකැයි කීවේය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 14:11
11 හුවමාරු යොමු  

සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස, පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අබිරහස් ක්‍රියාවකි.


ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.


වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”


රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.


මාගේ කොටු පවුරු බිඳුණු තැන්වලින් ඇතුළට වැදී ඔව්හු මා පිට කඩා පනිති.


දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, “ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය.


මාගේ පර්වතය වන සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.


ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.


දාවිත් කතා කොට, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මා අතට පාවා දෙන සේක් ද?” කියා දෙවියන් වහන්සේගෙන් පිළිවිසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම ඔවුන් නුඹේ අතට පාවා දෙමි”යි ඔහුට වදාළ සේක.


ඔව්හු තමන්ගේ දේව රූප එහි අත්හැර ගියෝ ය. එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුළුස්සා දමන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්