Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:1 - Sinhala New Revised Version 2018

1 කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 දාවිත් කීෂ්ගේ පුත්‍රවූ සාවුල් නිසා සැඟවී ශික්ලග්හි සිටියදී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොව්හුය. මොව්හු යුද්ධයේදී ඔහුට උපකාරවූ බලවන්තයන්ගේ ගණනට අයිතිවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:1
10 හුවමාරු යොමු  

“මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරාය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්න ද? මන්ද, ඔව්හු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනා හ”යි කී ය. එහෙයින් ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ තුන්දෙනා මේ දේ කළෝ ය.


ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.


නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.


නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.


යහපත් ආරංචියක් ගෙනෙමි යි සිතාගෙන එක් කෙනෙක්, ‘සාවුල් මැරුණේ ය’යි මට දැන්වූ විට මම ඔහු අල්ලා ශික්ලග්හි දී මරා දැමුවෙමි. ඔහු ගෙනා ආරංචියට මා විසින් දෙන ලද ප්‍රතිවිපාකය එය වේ.


සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.


දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේ ය. ඔව්හු හෙබ්‍රොන් නගරවල වාසය කළහ.


එලියෙල් ය; ඕබෙද් ය; මෙසොබාය වූ ජයසීයෙල් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්