Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 10:2 - Sinhala New Revised Version 2018

2 පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත් ජොනතන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත් ජොනතන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 10:2
11 හුවමාරු යොමු  

නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.


නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.


ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය.


ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ - නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝහි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය.


සාවුල්ගේ පුත්‍රයෝ නම්: ජොනතන් ද ඉෂ්වී ද මල්කීෂුවා ද යන මොවුහු ය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නම් මේවා ය: වැඩිමහල් දුවගේ නම මේරබ් ය, බාල දුවගේ නම මීකල් ය.


ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.


නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.


පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ ගොස් සාවුල්ගේ පුත්‍රයන් වන ජොනතන් ද අබිනාදාබ් ද මල්කිෂුවා ද මැරූ හ.


සටන සාවුල්ට විරුද්ධ ව තදබල විය. ඔහු දුනුවායන්ට අසු වී දුනුවායන් විසින් තුවාළ කරනු ලැබී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්