Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 10:1 - Sinhala New Revised Version 2018

1 පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝ ය. ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගොස් ගිල්බෝවා කන්දේ මැරී වැටුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝ ය. ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගොස් ගිල්බොවා කන්දේ මැරී වැටුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස් ගිල්බොවා කන්දේ මැරී වැටුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 10:1
9 හුවමාරු යොමු  

තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය.


එවිට ඔහු ගොස්, ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු අරගත්තේ ය. ඔවුන් ඒ ඇටකටු බෙත්ෂාන්හි ප්‍රසිද්ධ චතුරශ්‍රයෙන් සොරාගෙන ගොස් තිබිණි. සාවුල් ගිල්බෝවා කන්දේ දී මරනු ලැබූ දවසේ දී පිලිස්තිවරුන් ඔහුගේ ද ජොනතන්ගේ ද සිරුරු එල්ලුවේ ඒ චතුරශ්‍රයෙහි ය.


එම්බා ගිල්බෝවා කඳු හෙල්! තොප පිට පිනි වත්, වැසි වත් නොවැටේ වා! එහි කෙත්වතු පාළු වී යේ වා! මන්ද, බලවතුන්ගේ පලිහ කෙලෙසී ඇත. සාවුල්ගේ පලිහ තෙලින් ආලේප නො‍කර ඇත.


එපවත් ඔහුට සැළ කළ තරුණයා ඔහුට කතා කොට, “මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමිණියෙමි. ඒ වේලාවේ දී සාවුල් තමාගේ හෙල්ලයට හේත්තු වී සිටියේ ය; රථ හා අසරුවෝ ඔහු පසුපස වේගයෙන් එළවාගෙන ආහ.


පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ.


ඒ දවස්වල දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධය සඳහා රැස් කළහ. ආකීෂ් දාවිත්ට කතා කොට, “ඔබ සහ ඔබේ සෙනඟ මාගේ හමුදාව කැටුව සටනට යා යුතු බව ඔබට දන්වා ඇතැ”යි කීවේ ය.


ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නාම නම්: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොවුහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්