Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:11 - Sinhala New Revised Version 2018

11 ඔහු රිසි පරිදි ඔහුට කිහිරි ලී ද දේවදාර ලී ද රත්රන් ද සපයා දුන් තීර්හි හීරාම් රජු හට ගලීල දේශයෙහි නගර විස්සක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු රිසි පරිදි ඔහුට කිහිරි ලී ද දේවදාර ලී ද රත්රන් ද සපයා දුන් තීර්හි හීරාම් රජු හට ගලීල දේශයෙහි නගර විස්සක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 සාලමොන්ගේ මුළු කැමැත්තේ හැටියට ඔහුට කිහිරි ලීද දේවදාර ලීද රන්ද සපයා දුන් තීර්හි රජවූ හීරාම්ට සාලමොන් රජ ගලීල දේශයෙහි නුවරවල් විස්සක් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:11
9 හුවමාරු යොමු  

හූරාම් විසින් සලමොන්ට දෙන ලද නගර ඔහු ගොඩනඟා ඒවායේ ඉශ්රායෙල්වරුන් වාසය කරවී ය.


අපි ද ඔබට ඕනෑ හැටියට ලෙබනොන් සිට ලී කපා, ඒවා පහුරු බැඳ, මුහුදෙන් ජොප්පාවට ගෙනවුත් ඔබට දෙන්නෙමු. එවිට ඔබට ඒවා ජෙරුසලමට ගෙන්වා ගත හැකි ය”යි ද දැන්වී ය.


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.


සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සහ රජ මාලිගාව යන මාලිගා දෙක ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,


හීරාම් ද සලමොන් තමාට දුන් නගර බලන්නට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී,


හීරාම් රන් කිලෝග්‍රෑම් හාරදාහක් රජුට එවී ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්