Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 8:44 - Sinhala New Revised Version 2018

44 “ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 “ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ස්වාමීන්වහන්සේට යාච්ඤාකළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:44
26 හුවමාරු යොමු  

දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ කතා කරමින්, “නුඹ ඉස්සරහට නො‍යන්න; වටකරින් ඔවුන්ට පිටුපසින් ගොස් ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් ළඟට පැමිණෙන්න.


‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා මා මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන පිණිස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නගරයක් තෝරා නොගෙන, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට දාවිත් තෝරා ගතිමි’යි පවසා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.


රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක.


එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය:


ඒ නිසා හෙසකියා රජ ද ආමොස්ගේ පුත් දිවැසිවරයා වන යෙසායා ද යාච්ඤා කොට ස්වර්ගයට මොරගැසූ හ.


“ඔබේ සෙනඟ තමන්ගේ සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ඔබ විසින් යවනු ලබන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔබට යාච්ඤා කරන්නෝ නම්,


ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;


සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, “නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවමින්, ‘පව්කාරයන් වන අමලෙක්වරුන් විනාශ කරදමා ඔවුන් නැති වී යන තුරු ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නැ’යි ඔබට වදාළ සේක.


දැන් නුඹ අමලෙක්වරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින් ම විනාශකර දමා, පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා කිරි දරුවන් ද ගවයන් හා බැටළුවන් ද ඔටුවන් හා කොටළුවන් ද මරා දමන්න.’ ”


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්