Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:26 - Sinhala New Revised Version 2018

26 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කී ඔබගේ වචනය මෙසේ ස්ථිරවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:26
14 හුවමාරු යොමු  

එවිට ඔවුන්ගේ පියවරුන්ට කිරි හා පැණි ගලා යන දේශය දැන් තිබෙන පරිදි දීමට මා දිවුරා කළ පොරොන්දුව ඉටු කරන්නෙමි.” ජෙරමියා, “එසේ ය, ස්වාමීනි”යි පිළිතුරු දුන්නේ ය.


නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.


අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.


ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.


ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.


දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක.


“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඉහළ ස්වර්ගයෙහි වත්, පහළ පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.


එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය.


“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?


“දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව.


ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්