Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:10 - Sinhala New Revised Version 2018

10 පූජකවරුන් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 පූජකවරුන් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට ආ කල ‍ස්වාමීන්වහන්සේගේ ගෘහය වලාපටලයෙන් පිරුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:10
11 හුවමාරු යොමු  

එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය.


ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි.


“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.


වලාපටලය නිසා පූජකවරුන්ට සේවය කිරීම පිණිස සිටින්න නොහැකි විය. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබිණි.


වලාකුළු සහ අඳුර එතුමාණෝ වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමාණන්ගේ සිහසුනේ පදනම් ය.


උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය.


ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්