Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:21 - Sinhala New Revised Version 2018

21 ඔහු දේව මාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුලුණු පිහිටුවා දකුණු කුලුණට ජාකීන් යන නම ද වම් කුලුණට බෝවස් යන නම ද තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔහු දේව මාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුණු පිහිටුවා දකුණු කුළුණට ජාකීන් යන නම ද වම් කුළුණට බෝවස් යන නම ද තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටෙව්වේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකීන් යන නමද වම් කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:21
14 හුවමාරු යොමු  

ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුලුණු, එකක් දකුණු පැත්තේ ද එකක් වම් පැත්තේ ද පිහිටුවා, දකුණු පැත්තේ එකට, ‘එතුමාණෝ පිහිට වන සේක’ යන අර්ථය ඇති ‘ජාකීන්’ යන නම ද, වම් පැත්තේ එකට, ‘එහි ශක්තිය තිබේ’ යන අර්ථය ඇති ‘බෝවස්’ යන නම ද තැබී ය.


මාලිගාවේ ඉදිරියෙන් වූ ප්‍රවේශ ශාලාවේ දිග මාලිගාවේ පළල හැටියට ම මීටර් නවයක් ව ද එහි පළල මාලිගාව ඉදිරිපිට මීටර් හතරයි දශම පහක් ව ද තිබුණේ ය.


ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.


මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.


මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.


මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත. මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.


එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”


වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.


නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.


සල්මොන් බෝවස්ගේ ද බෝවස් ඕබෙද්ගේ ද


කුලුණු මුදුන්වල මානෙල්‍ මල් වැඩ තිබිණි. මෙසේ කුලුණුවල වැඩ නිම කරන ලද්දේ ය.


නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය.


කුලුණු පිට තිබුණු පේකඩවල ගෝල වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද යන මේවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්