Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 6:6 - Sinhala New Revised Version 2018

6 උඩුමහලේ පහත ම තට්ටුවේ පළල මීටර් දෙකයි දශම දෙකකි. මැද එකේ පළල මීටර් දෙකයි දශම හතකි; තුන් වන එකේ පළල මීටර් තුනයි දශම එකකි. මාලිගාවේ බිත්තිවලට බාල්ක ඇතුළු නොකරන පිණිස පිටින් වටේට ම මාලිගාවේ බිත්තිවල තැනින් තැන පටු කළ කපොලු සෑදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 උඩුමහෙල් පහත ම තට්ටුවේ පළල මීටර් දෙකයි දශම දෙකකි. මැද එකේ පළල මීටර් දෙකයි දශම හතකි; තුන් වන එකේ පළල මීටර් තුනයි දශම එකකි. මාලිගාවේ බිත්තිවලට බාල්ක ඇතුළු නොකරන පිණිස පිටින් වටේට ම මාලිගාවේ බිත්තිවල තැනින් තැන පටු කළ කපොලු සෑදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 පහතම මහළේ පළල පස් රියනක්ය, මැද එකේ පළල සරියනක්ය, තුන්වෙනි ඒකේ පළල සත්රියනක්ය. මක්නිසාද ගෘහයේ භිත්තිවලට බාල්ක ඇතුල් නොකරන පිණිස පිටින් වටේටම ගෘහයේ භිත්තිවල තැනින්තැන පටුකර සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 6:6
4 හුවමාරු යොමු  

ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.


නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.


එකල සලමොන් තමාගේ පිය වූ දාවිත්ට ජෙරුසලමෙහි දී සමිඳාණන් වහන්සේ දර්ශනය වූ මොරියා කන්දේ ජෙබුසිය වූ ඔර්ණාන්ගේ කමතේ දාවිත් විසින් නියම කරන ලද ස්ථානයෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්න පටන්ගත්තේ ය.


ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුලුණු සිටුවා තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්