Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:34 - Sinhala New Revised Version 2018

34 විවිධ ජාතීහු සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට පැමිණියෝ ය. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසූ පොළොවේ භූපතීන්ගෙන් ඔහු තෑගිබෝග ලැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 විවිධ ජාතීහු සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට පැමිණියෝ ය. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසූ පොළොවේ භූපතීන්ගෙන් ඔහු තෑගිබෝග ලැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 ඔහුගේ ප්‍රඥාව ගැන ඇසුවාවූ පොළොවේ සියලු රජුන් වෙතින් සියලු වර්ගයන් කෙරෙන් මනුෂ්‍යයෝ සාලමොන්ගේ ප්‍රඥාව අසන්ට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:34
6 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කර තිබූ ප්‍රඥාව අසන පිණිස මිහි පිට සියලු රජවරු ඔහු වෙත පැමිණියහ.


ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.


ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.


ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්