Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:1 - Sinhala New Revised Version 2018

1 සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන්ට රජ ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන්ට රජ ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 සාලමොන් රජු මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:1
14 හුවමාරු යොමු  

ධර්මදේශකයා වන මම ජෙරුසලමෙහි සිහසුන් අරා ඉශ්රායෙල් ජනතාව පාලනය කෙළෙමි.


සලමොන් මුළු ඉශ්රායෙල් ජාතිය හතළිස් අවුරුද්දක් ජෙරුසලමෙහි පාලනය කෙළේ ය.


යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.


තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.


ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.


රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝ‍ ය.


ඔහුගේ උසස් නිලධාරීහු මොවුහු ය. ශාදොක්ගේ පුත් අශරියා පූජකයා ය;


රෙහොබෝවම් රජ තම පිය සලමොන් ජීවත් ව සිටිය දී ඔහුට උපදෙස් දුන් ප්‍රජා මූලිකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ මට දෙන දැනුමැතිකම කුමක් දැ”යි ඇසී ය.


දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.


ජෝවාබ් මුළු ඉශ්රායෙල් සේනාවට අධිපතියා ය. ජෙහොයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් අධිපතියා ය.


එවිට සලමොන් ගිබියොන්හි ගිරිකුළෙහි තිබුණ සම්මුඛ මණ්ඩපය වෙතින් ජෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ රජ විය.


මම ඔවුන් අමතා මෙසේ කීවෙමි: “ඉශ්රායෙල් රජු වූ සලමොන් මේ දේ කිරීමෙන් පව් කළා නොවේ ද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත; ඔහුගේ දෙවියන් වහන්සේ ද ඔහුට ප්‍රේම කොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ඔහු පත් කළ සේක. එසේ වී නමුත්, ඔහු පවා අන්‍ය ජාතික ස්ත්‍රීන් විසින් පාපයට පොළඹවන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්