Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 3:5 - Sinhala New Revised Version 2018

5 ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 3:5
18 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ගිබියොන්හි දී ඔහුට දර්ශනය වූ ලෙස ම දෙ වන‍ වරටත් ඔහුට දර්ශනය වූ සේක.


එවිට උන් වහන්සේ කතා කොට, “මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:


“මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්තහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.


ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.


මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.


ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.


හෙරොද් මියගිය පසු, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් මිසරයේ දී සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා,


එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.


එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය.


ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්