Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 21:9 - Sinhala New Revised Version 2018

9 ඈ ලියුම්වල මෙසේ ලීවා ය: “ඔබ හැම උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරියෙහි මුල් තැන සිටුවා ඔහු ඉදිරිපිට අධමයන් දෙදෙනෙකු සිටුවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඈ ලියුම්වල මෙසේ ලීවා ය: “ඔබ හැම උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරියෙහි මුල් තැන සිටුවා ඔහු ඉදිරිපිට තක්කඩියන් දෙදෙනෙකු සිටුවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඈ ලියුම්වල ලියූ වගන්තිය නම්: නුඹලා උපවාසයක් ප්‍රකාශකොට, නාබොත් සෙනඟ අතරේ උස් තැනක සිටුවා, ඔහු ඉදිරියෙහි දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙකු සිටුවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 21:9
8 හුවමාරු යොමු  

එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.


වැන්දඹුවන්ගේ ගේදොර කාදමමින්, පෙනුමට දිගින් දිගට යාච්ඤා පුද කරන, විනයධරයන්ගෙන් පරෙස්සම්වන්න. ඔව්හු වඩාත් බරපතල දඬුවමකට පත් කරනු ලබන්නෝ ය”යි වදාළ සේක.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.


“ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න” කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය.


නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.


ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය.


ඔව්හු ඔහුට විරුද්ධ ව චෝදනා කරමින්, ‘ඔබ දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළෙහි ය’යි කියත් වා. පසු ව ඔහු පිටතට ගෙන ගොස් ගල් ගසා මරන්න.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්