Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:43 - Sinhala New Revised Version 2018

43 ඉශ්රායෙල් රජ ශෝකයෙන් ද කෝපයෙන් ද යළි සමාරියට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 ඉශ්රායෙල් රජ ශෝකයෙන් ද කෝපයෙන් ද යළි සමාරියට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

43 ඉශ්‍රායෙල් රජ ශෝකව අසන්තෝෂව තමාගේ ගෙදරට ගොස් සමාරියට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:43
7 හුවමාරු යොමු  

එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය.


සමහරු මෝඩකමින් විපතට පත්වෙති; පසු ව සමිඳුන් හට දොස් තබති.


දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය.


ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


ඉන්පසු මෙසේ සිදු විය. සමාරියේ රජු වන ආහබ්ගේ මාලිගාවට සමීපව ජෙශ්‍රෙයෙල් නගරයේ නාබොත්ට මිදි වත්තක් තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්