Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 17:20 - Sinhala New Revised Version 2018

20 තවද, ඔහු සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඇයට විපත් පැමිණවූ සේක් ද” කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 තවද, ඔහු සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඇයට විපත් පැමිණවූ සේක් ද” කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 තවද ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඈට විපතක් පැමිණවූසේක්ද? කියා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 17:20
19 හුවමාරු යොමු  

තවද, ඔබට ඇදහිල්ල ඇත්නම්, කවර දෙයක් ඉල්ලා යාච්ඤා කළත් එය ඔබට ලැබෙනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.


එතුමාණන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමාණන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.


උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, “කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක.


මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය.


ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද? ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?


ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.


ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබේ පුත්‍රයා මට දෙන්නැ”යි ඈට කියා ඇගේ තුරුල්ලෙන් ඔහු රැගෙන, තමා විසූ උඩු මහලට ගෙන ගොස් තමාගේ ම ඇඳෙහි ඔහු තැබුවේ ය.


තුන්වරක් ළමයා පිට දිගා වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණෙව්ව මැනවැ”යි කීවේ ය.


එහෙත් ජුදාගේ කුලුඳුල් පුත් ඒර්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බොහෝ පව් කළ හෙයින් උන් වහන්සේ ඔහු මැරෙන්නට සැලැසූ සේක.


ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක.


එවිට ඔහු ඇතුළු වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.


එවිට දිවැසිවර යෙසායා සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ආහාස්ගේ පඩි පෙළේ ඡායාව බැස ගිය තැනින් අංශක දසයක් පස්සට පැමිණෙවු සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්