Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:21 - Sinhala New Revised Version 2018

21 සලමොන්ගේ පුත්‍ර වන රෙහොබෝවම් ජෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව යුද්ධ කොට, තමාට රාජ්‍යය නැවත දිනාගනු පිණිස, මුළු ජුදා ගෝත්‍රයෙන් හා බෙන්‍ජමින් ගෝත්‍රයෙන් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සලමොන්ගේ පුත්‍ර වන රෙහොබෝවම් ජෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව යුද්ධ කොට, තමාට රාජ්‍යය නැවත දිනාගනු පිණිස, මුළු ජුදා ගෝත්‍රයෙන් හා බෙන්‍ජමින් ගෝත්‍රයෙන් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 රෙහොබොවම් යෙරුසලමට පැමිණි විට, ඉශ්‍රායෙල් වංශයට විරුද්ධව යුද්ධකොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට රාජ්‍යය නැවත ගෙනදෙන පිණිස ඔහු මුළු යූදා වංශයද බෙන්යමින් ගෝත්‍රයද වූ තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූ දහසක් රැස්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:21
8 හුවමාරු යොමු  

ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.


ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.


ජෙරුසලමට අවුත්, ගණන් ගත් සෙනඟගේ මුළු සංබ්‍යාව දාවිත්ට දුන්නේ ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ඉශ්රායෙල්වරු සියල්ලෝ එකොළොස්ලක්ෂයක් ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ජුදාහි මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑදහසක් ය.


එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය.


රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර නිතර ම යුද්ධ පැවතිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්