Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 10:7 - Sinhala New Revised Version 2018

7 එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 10:7
9 හුවමාරු යොමු  

ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.”


ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු.


එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.


එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”


තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.


එවිට ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය.


ඔබේ භාර්යාවෝ‍ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය.


දෙවිඳුනි, ඔබ මැදුරෙහි ඔබේ තිර පෙම්කඳ අපි සිහි කෙළෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්