Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 10:26 - Sinhala New Revised Version 2018

26 සලමොන් රජ අශ්ව රථ සහ අසරුවන් ද එකතු කරගත්තේ ය. ඔහුට අශ්ව රථ එක්දහස් හාරසියයක් තිබිණි. අසරුවෝ‍ දොළොස්දහසක් සිටියෝ ය. රජ ඒවා රථ සඳහා සෑදූ නගරවල ද තමා ළඟ ජෙරුසලමේ ද තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සලමොන් රජ අශ්ව රථ සහ අසරුවන් ද එකතු කරගත්තේ ය. ඔහුට අශ්ව රථ එක්දහස් හාරසියයක් තිබිණි. අසරුවෝ‍ දොළොස්දහසක් සිටියෝ ය. රජ ඒවා රථ සඳහා සෑදූ නගරවල ද තමා ළඟ ජෙරුසලමේ ද තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 සාලමොන් වනාහි රථ සහ අසරුවන්ද එක්කාසු කරගත්තේය. ඔහුට රථ එක්දහස් හාර සියයක් තිබුණේය, අසරුවන් දොළොස් දහසක්ද සිටියෝය, රජ ඒවා රථ නුවරවලද තමා ළඟ යෙරුසලමේද තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 10:26
7 හුවමාරු යොමු  

සලමොන් රජුගේ රථවලට ගාල් සතළිස්දහසක අශ්වයෝ සිටියෝ ය; අසරුවෝ‍ දොළොස්දහසක් ද සිටියෝ ය.


එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.


තමන් සතු සියලු ගබඩා-නගර ද රථවලට නගර ද අසරුවන්ට නගර ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ රජයට අඩංගු වූ මුළු දේශයෙහිත් තමන් රිසි පරිදි ගොඩනඟනු කැමැති සියල්ල ද ගොඩනැඟුවේ ය.


සලමොන් රජුට අශ්වයන් සහ රථ සඳහා ගාල් හාරදහසක් තිබිණි. අසරුවෝ දොළොස්දහසකුත් සිටියෝ ය. රජ ඒවා රථ නවත්වන නගරවල ද තමා ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය.


ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත.


රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්