Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:45 - Sinhala New Revised Version 2018

45 ඇරත්, ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ගීහොන් නම් ස්ථානයේ දී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝ ය. ඉන්පසු ඔව්හු එතැනින් පිටත් ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඝෝෂාවෙන් නුවර රැව් පිළිරැව් දිනි. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 ඇරත්, ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ගීහොන් නම් ස්ථානයේ දී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝ ය. ඉන්පසු ඔව්හු එතැනින් පිටත් ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඝෝෂාවෙන් නුවර රැව් පිළිරැව් දිනි. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 ශාදොක් පූජකයා හා නාතාන් අනාගතවක්තෘ ගීහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරැව්දෙන තරම් ඔව්හු ප්‍රීතිවෙවී එතැනින් නැගී ආවෝය. නුඹලාට ඇසුණු ඝෝෂාව ඒකය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:45
7 හුවමාරු යොමු  

මුළු සෙනඟ ඔහු පසුපස ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම් වූ ඔවුන්ගේ ශබ්දයෙන් ඉමහත් ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝද වූ හ.


ඒ නිසා ප්‍රීති ඝෝෂාවේ හඬ කුමක් ද කියා වත්, සෙනඟගේ හැඬීමේ හඬ කුමක් ද කියා වත් කිසිවෙකුට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි විය. මන්ද, සෙනඟ මහා හඬින් ඝෝෂා කළෝ ය. ඒ ඝෝෂාව බොහෝ දුරට ඇසිණි.


දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ.


“ඔහුගේ හැටි කොහොම දැ”යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ඈ පිළිතුරු දෙමින්, “මහලු මිනිසෙක් නැඟී එන්නේ ය; ඔහු සළුවක් පොරවාගෙන සිටින්නේ ය”යි කීවා ය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුණින්තළා වී වැන්දේ ය.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය.


තවද, රජ තෙම ඔහු සමඟ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද යැව්වේ ය. ඔව්හු ඔහුට රජුගේ කොටළුවා පිට නැඟී යාමට සැලැස්සූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්