Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 1:31 - Sinhala New Revised Version 2018

31 එවිට බැත්-ෂෙබා මුණින්තළා වී රජුට වැඳ, “දාවිත් රජතුමා සදහට ම ජීවත් වේ වා!”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට බැත්-ෂෙබා මුණින්තළා වී රජුට වැඳ, “දාවිත් රජතුමා සදහට ම ජීවත් වේ වා!”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:31
14 හුවමාරු යොමු  

සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත් වෙත අවුත් මුණින්තළා වී වැන්දේ ය. දාවිත් ද, “මෙපිබොෂෙත්” කියා ඔහු ඇමතුවේ ය. “ඔබේ මෙහෙකරුවා මෙහි ය”යි ඔහු කී ය.


මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.


එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි.


අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය.


එහෙත් එය පෞද්ගලික වශයෙන් ඔබටත් අදාළ වන්නේ ය. හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය.


තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?


ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය.


ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්