Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 2:7 - Sinhala New Revised Version 2018

7 එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසා ය; එහෙත් අදහානොගත් අයට: “ගෙවල් සාදන්නන් ප්‍රතික්ෂේප කළ ගල ම කොණේ ප්‍රධාන ගල වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසා ය; එහෙත් අදහානොගත් අයට: “ගෙවල් සාදන්නන් ප්‍රතික්ෂේප කළ ගල ම කොණේ ප්‍රධාන ගල වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එබැවින් අදහන්නාවූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නුමුත් නොඅදහන්නන්ට, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 2:7
26 හුවමාරු යොමු  

ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?


තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.


ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,


ගණිකාවක වූ රාහාබ්, ඇදහිල්ලෙන්, චරපුරුෂයන් හොඳ සිතින් පිළිගත් බැවින්, අකීකරු වූවන් සමඟ විනාශ නොවී ඉතිරි වූවා ය.


එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු.


මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.


සකල භූතාධිපතීන්ට හා බලධාරීන්ට ඉහළින් පරමෝත්තම වන උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබේ පූර්ණත්වය සැලසී ඇත.


විනාශ වන අයට එය මරණයට පමුණුවන මාරක දුර්ගන්ධයකි. ගැළවෙන අයට එය ජීවනයට පමුණුවන ජීවනදායක සුගන්ධයකි. මෙවැනි කාර්යයකට සමතා කවරෙක් ද?


ජෙරුසලම උදෙසා මා කරන උපස්ථානය දෙවියන් වහන්සේගේ සෙනඟට පිළිගත හැකි දෙයක් වන පිණිසත්, දේව කැමැත්ත අනුව ප්‍රීතියෙන් ඔබ වෙත පැමිණ, ඔබ සමඟ විවේක සුවය ලබන පිණිසත්,


එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි.


“එහෙයින්, අග්‍රිපා රජතුමෙනි, ස්වර්ගීය දර්ශනයට අකීකරු වීම මට නොහැකි විය.


ඔව්හු ස්ත්‍රියට කතා කොට, “දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුම්කාරයාණන් බව දැනගත් නිසා ය”යි කී හ.


ඔව්හු ඒ අසා, “එසේ නොවේ වා”යි කී හ. එහෙත් උන් වහන්සේ ඔවුන් දෙස බලා, “එසේ වී නම්: ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත’ යන දහම් පාඨයේ අර්ථය කුමක් ද?


විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”


විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”


සව් බලැති සමිඳුන් ඉතිරි ව සිටින තමන්ගේ සෙනඟට තේජාලංකාර මල් කිරුළක් ද දීප්තිමත් කිරීටයක් ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ ය.


සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී.


මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්