Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තෙසලෝනික 4:13 - Sinhala New Revised Version 2018

13 සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තෙසලෝනික 4:13
35 හුවමාරු යොමු  

අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක.


අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය.


තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව, පොරොන්දුවේ ගිවිසුම්වල පංගුකාරකමක් නොමැති ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න.


“උන් වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?”


ඉන්පසු උන් වහන්සේ පන් සියයකට වැඩි සහෝදර සමූහයකට එක විට ම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් මියගිය ද, වැඩි දෙනා තවමත් ජීවත් ව සිටිති.


ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.


එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.


සහෝදරවරුනි, ආසියාවේ දී අපට පැමිණි පීඩා ගැන ඔබට දන්වන්නට අපි කැමැත්තෙමු. ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති වන තරමට ඉසිලිය නොහැකි දුක් බර අප පිට පැමිණියේ ය.


සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ.


මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි.


දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය.


මාර්තා පිළිතුරු දෙමින්, “අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.


එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.


සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ.


දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.


මෙසේ කී පසු දාවිත් රජ මියගියේ ය. ඔහුගේ නගරයේ ඔහු භූමදාන කරන ලදී.


එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය.


මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ.


සහෝදරවරුනි, ශුද්ධාත්ම දීමනා ගැන නියම තතු ඔබ දැන සිටිනවාට මම කැමැත්තෙමි.


“මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි; කිසිත් නැති ව පෙරළා යන්නෙමි. සමිඳාණෝ දුන් සේක; සමිඳාණෝ ගත් සේක; සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”


එවිට රජ අතිශයෙන් කම්පා වී දොරටුවට ඉහළින් තිබුණු උඩුමහලට ගොස් ඇඬුවේ ය. ඔහු අඬ අඬා, “අනේ! මාගේ පුත් අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත් අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත; අහෝ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”යි කීවේ ය.


ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.


එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු.


ජේසුස් වහන්සේ නැසී නැවත උත්ථාන වූ සේකැ යි අපි අදහමු: එසේ ම, ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන් වහන්සේ තුළ සැතපුණු අය, උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකැ යි ද අදහමු.


ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු.


එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්