Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 තෙසලෝනික 1:6 - Sinhala New Revised Version 2018

6 ඔබ ද, බොහෝ දුක් විඳිමින්, ශුද්ධාත්මයාණන්ගෙන් වන ප්‍රීතිය ඇතිව පණිවුඩය පිළිගැනීමෙන්, අප ද සමිඳාණන් වහන්සේ ද අනුගමනය කරන්නෝ වූවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔබ ද, බොහෝ දුක් විඳිමින්, ශුද්ධාත්මයාණන්ගෙන් වන ප්‍රීතිය ඇතිව පණිවුඩය පිළිගැනීමෙන්, අප ද සමිඳාණන් වහන්සේ ද අනුගමනය කරන්නෝ වූවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 දැඩි පීඩා අතරදීත්, ශුද්ධාත්මයාණන්ගෙන් ලද ප්‍රීතියෙන් යුතුව පණිවුඩය පිළිගැනීමෙන් ඔබ අපත්, ස්වාමින්වහන්සේත් අනුකරණය කරන්නන් වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තෙසලෝනික 1:6
33 හුවමාරු යොමු  

“එහෙත්, දැන් මම ඇගේ සිත දිනාගෙන, මරුකතරට ඈ කැඳවාගෙන කරුණාවෙන් ඈට කතා කරන්නෙමි.


එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!


යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.


ශ්‍රාවකයෝ ප්‍රීතියෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ වූ හ.


එවිට අපෝස්තුළුවරු ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.


මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.


තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක් වා.


මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න.


ඔබ නිතර ම මා සිහි කරන බැවින් ද මා ඔබට බාර දුන් සම්ප්‍රදායයන් ඔබ පවත්වන බැවින් ද මම ඔබට ප්‍රශංසා කරමි.


එහෙයින් මාගේ ආදර්ශය අනුගමනය කරන මෙන් උදක් ම ඉල්ලමි.


ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.


අප සිතූ පමණටත් වඩා, ඔව්හු මුලින් ම සමිඳාණන් වහන්සේටත්, එමෙන් ම දේව කැමැත්ත අනුව අපටත් භාර වූ හ.


එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම,


ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින්, උන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න.


සහෝදරවරුනි, ඔබ හැම දෙන ම මා අනුගමනය කිරීමට එකඟ වන්න. අපි ඔබට ආදර්ශයක් වී සිටිමු. ඒ ආදර්ශය අනුව හැසිරෙන්නන් හොඳින් කල්පනාවට ගන්න.


ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු.


අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත.


අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය.


දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න.


ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහු ය.


ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුව ද, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නහු ය.


ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,


ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද?


ප්‍රේමවන්තයෙනි, නපුර නොව යහපත ආදර්ශ කරගන්න. යහපත කරන්නා දෙවියන් වහන්සේගේ දරුවෙකි; නපුර කරන්නා දෙවියන් වහන්සේ නුදුටුවෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්