Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 6:1 - Sinhala New Revised Version 2018

1 වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමිවරුන්ට නිසි ගෞරවය දැක්විය යුත්තෝ ය. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස ඇති වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමිවරුන්ට නිසි ගෞරවය දැක්විය යුත්තෝ ය. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස ඇති වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 දෙවියන්වහන්සේගේ නාමයට හා ඉගැන්වීමට අපවාද නො නැගෙන පිණිස, තම හාම්පුතුන් මුළුමනින් ගෞරවය ලැබීමට සුදුස්සන් යයි දාස භාවයේ වියගහ යටතේ සිටින්නවුන් සිතත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 වියගහට යටත්වූ යම් පමණ දාසයෝ ඇද්ද, දෙවියන්වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස නොපැමිණෙන පිණිස ඔව්හු තමුන්ගේ ස්වාමිවරු සියලු ආකාර ගෞරවය ලබන්ට වටින්නෝයයි සිතත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 6:1
35 හුවමාරු යොමු  

ආත්ම දමනය ඇති, නිර්මල ගෘහණියන් ලෙස, කරුණාවන්ත ව, සිය ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටීමට යෞවන භාර්යාවන් පුහුණු කරවනු පිණිස ය.


එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”


එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත.


ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.


ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.


එබැවින් අපගේ පියවරුන්ට වත් අපට වත් දැරිය නොහැකි වියගසක් ශ්‍රාවකයන්ගේ කර පිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහු ද?


ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දූතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ.


මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා,


උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, “මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත!


මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”


“පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය.


යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ.


ජුදෙව්වරුන්ට වත්, ග්‍රීකයන්ට වත්, දෙවියන් වහන්සේගේ සභාවට වත් බාධාවට හේතුවක් නොවන්න.


එහෙත්, කුමක් සඳහා පිටත් ව ගියහු ද? දිවැසිවරයෙකු බලන පිණිස ද? එසේය යි මම ඔබට කියමි. දිවැසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිස ය.


ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


ඔවුන් පැමිණි කොතැන වුවත්, ජාතීන් ළඟට ඔවුන් ගිය කල, ‘මොවුහු සමිඳාණන්ගේ සෙනඟ ය, උන් වහන්සේගේ දේශයෙන් ඔවුන්ට පිට වීමට සිදු වී ය’යි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසූ හ.


මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.


දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති.


මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.


පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේ ය, සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවා”යි කී හ.


ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, “මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, ‘ස්නානය කොට පවිත්‍ර වන්නැ’යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ”යි ඇසූ හ.


එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.


උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.


“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.


පසුව ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට කරුණාකර, මෙදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා.


ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;


එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්