Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 15:38 - Sinhala New Revised Version 2018

38 දෙවියන් වහන්සේ තමන් කැමැති හැටියට ඒ පැළයට කඳක් දෙන සේක. එක එක බීජයට නියම කඳ දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 දෙවියන් වහන්සේ තමන් කැමැති හැටියට ඒ පැළයට කඳක් දෙන සේක. එක එක බීජයට නියම කඳ දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 එහෙත් තමන්වහන්සේ නියම කළ පරිද්දෙන්, ඊට කඳක් දෙන්නේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ සෑම බීජයකට ඊට ආවේණික කඳන් දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 නුමුත් දෙවියන්වහන්සේ තමන් කැමතිවූ හැටියට ඊට කඳක්ද එක එක බීජයට නියමවූ කඳක්ද දෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:38
7 හුවමාරු යොමු  

එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක.


පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.


ඔබ වපුරන්නේ මතු හටගන්නා වැඩුණු පැළය නොව, තිරිඟු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක හුදු බීජයක් පමණ ය.


සියලු සත්වයන්ගේ මාංසය ඒකාකාර නොවේ. මිනිසුන්ගේ මාංසය එක් ආකාරයකි. මෘගයන්ගේ මාංසය තව ආකාරයකි. පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයකි. මත්ස්‍යයන්ගේ මාංසය වෙනත් ආකාරයකි.


වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්