Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 14:27 - Sinhala New Revised Version 2018

27 අන් භාෂා කථනය කෙරේ නම්, එය දෙදෙනෙකු හෝ වැඩිම වුණොත් තිදෙනෙකු හෝ පමණක් කළ යුතු ය. එය ද කළ යුත්තේ කෙනෙකුට කෙනෙක් පසුව යි. විසඳා දෙන කෙනෙක් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 අන් භාෂා කථනය කෙරේ නම්, එය දෙදෙනෙකු හෝ වැඩිම වුණොත් තිදෙනෙකු හෝ පමණක් කළ යුතු ය. එය ද කළ යුත්තේ කෙනෙකුට කෙනෙක් පසුව යි. විසඳා දෙන කෙනෙක් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 අන්‍ය-භාෂාවක් වේ නම්, දෙදෙනෙක්, වැඩිම වුණොත් තිදෙනෙක් කෙනකුට පසුව, කෙනකු වශයෙන් සිටීවා. කෙනෙක් එය පරිවර්තන කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 14:27
6 හුවමාරු යොමු  

එසේ නම්, සහෝදරවරුනි, කුමක් කළ යුතු ද? ඔබ එක්රැස් වන විට එක් එක්කෙනාට ගීතයක් ද අනුශාසනාවක් ද එළිදරව් කිරීමක් ද අන් භාෂා කථනයක් ද එය විසඳීමක් ද තිබිය හැකි ය. මේ සියල්ල ම සභාවේ අභිවෘද්ධිය පිණිස වේ වා!


තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත.


අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක.


ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය.


එබැවින් අන් භාෂාවක් කථනය කරන්නා, එය විසඳා දීමට ද හැකි වන ලෙස යාච්ඤා කරාවා.


විසඳා දෙන කෙනෙක් නැත්නම්, අන් භාෂා කථනය කරන්නා සභාවේ නිශ්ශබ්ද ව සිටිය යුතු ය. ඔහු කතා කළ යුත්තේ තමාටත් දෙවියන් වහන්සේටත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්