Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හොෂෙයා INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
ක්‍රි.පූ. 721 සමාරියේ වැටීමට පෙර ඇති වූ අර්බුද සහිත කාලයේ දී ඉශ්රායෙල්හි උතුරු රාජ්‍යයේ හොසියා සිය මෙහෙය කෙළේ ය. සෙනඟගේ අභක්තියත්, පිළිම වන්දනාවට ලැදියාවත් ඔහු හෙළා දුටුවේ ය. මෙහි වරද සෙනඟට වටහා දෙන පිණිස ඔහු සිය අවාසනාවන්ත විවාහ ජීවිතය උපමා කොට ගත්තේ ය. ඔහුගේ අවිශ්වාසවන්ත බිරිඳ වූ ගොමෙර් ඔහු අත්හැර වෙන්‍ ව ගියාක් මෙන් සෙනඟත් සමිඳාණන් වහන්සේ අත්හැර වෙන්‍ ව ගියහ. මේ නිසා ඉශ්රායෙල් සෙනඟ විනිශ්චයකට යටත් වන්නෝ ය. දෙවියන් වහන්සේගේ තිර ප්‍රේමය කරණකොටගෙන සෙනඟ ආපසු දිනාගෙන දේව-සබඳතාවට ඇතුළත් කරගත් සේක. මේ මහා දේව ප්‍රේමය සිත් කා වදින වචනවලින් ඔහු මෙසේ ප්‍රකාශ කරයි:
“ එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ අත්හරිම් ද?
මා අද්මා නුවරට කළාක් මෙන් ඔබටත් මට කළ හැකි ද?
ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද?
එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි.
ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.”
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 3:5 හොසියාගේ විවාහය සහ පවුල් ජීවිතය.
පරිච්ඡේද 4:1; 13:16 ඉශ්රායෙල්ට විරුද්ධ පණිවුඩය.
පරිච්ඡේද 14:1-9 පසුතැවී සිත් හරවා ගැනීම හා පොරොන්දු පිළිබඳ පණිවුඩයක්.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්