Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ශෙපනියා INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
ක්‍රි.පූ. 621 දී ජොෂියා රජු සිදුකළ ආගමික සංශෝධනයන්ට දස වසකට පමණ පෙර දිවැසිවර ශෙපනියා දේශනා කළ බව සිතන්නට ඉඩ තිබේ. අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කිරීම නිසා ජුදා සෙනඟට දඬුවම් පමුණුවන විනාශකාරී දවසක් පැමිණීම පිළිබඳ තර්ජනයක් ද ජාතීන්ටත් දෙවියන් වහන්සේ දඬුවම් කරන බව ද ජෙරුසලමේ ඉරණම කෙසේ වෙතත්, කල් යෑමේ දී නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබ යටහත් පහත් දැහැමි සෙනඟක් එහි වාසය කරන බව ද ඔහුගේ දේශනාවලින් ප්‍රකාශ කරන ලදී.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 2:3 සමිඳාණන් වහන්සේගේ විනිශ්චයයේ දවස.
පරිච්ඡේද 2:4-15 අසල්වැසි ජාතීන්ගේ විනාශය.
පරිච්ඡේද 3:1; 3:20 ජෙරුසලමේ විනාශය හා පුනරුත්ථාපනය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්