Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ලෙවී කථාව INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
‘ලෙවී ව්‍යවස්ථාව’ යනුවෙන් මෙම ග්‍රන්ථයට නම ලැබුණේ ශුද්ධ බයිබලයේ සෙප්ටුවාජින්ත ග්‍රීක පිටපතේ යොදා ඇති ‘ලෙවිටිකොන්’ නමැති නම ඇසුරෙනි. එය ග්‍රන්ථයේ අන්තර්ගතයට මනාව ගැළපේ. එනම්, ලෙවිතියික පූජක සම්ප්‍රදාය ආශ්‍රිත ජන වන්දනාත්මක නීති රීති හා නියෝග රැසක් මෙහි අන්තර්ගත හෙයිනි. ගිවිසුම් ජනතාවක් ලෙස ඉශ්රායෙල්වරුන්ගේ දේව වන්දනාව සහ ආගමික පැවැත්ම තහවුරු කිරීමටත් වර්ධනය කිරීමටත් මෙම නීති රීති බොහෝ සේ ඉවහල් විණි.
මේ පොතේ ප්‍රධාන තේමාව නම්, දෙවි සමිඳාණන්ගේ ශුද්ධවන්තකම සහ දේව-සම්බන්ධතාව ඇති කරගැනීම සඳහා, ජනතාව උන් වහන්සේට වැඳුම්පිදුම් කළ යුතු ආකාරයයි; “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය” (ලෙවී 19:2).
මෙහි ප්‍රධාන කොටස් පහකි.
පරිච්ඡේද 1-7 පඬුරු සහ පූජා පිළිබඳ නීති.
පරිච්ඡේද 8-10 පූජක සේවාවට කැප කිරීම.
පරිච්ඡේද 11-15 පවිත්‍ර අපවිත්‍ර පිළිවෙත් ගැන නීති.
පරිච්ඡේද 16 වන්දි ගෙවීමේ දිනය.
පරිච්ඡේද 17-27 ජීවිතයේ දී සහ වන්දනාවේ දී ශුද්ධවන්තකම ආරක්ෂා කරගැනීම පිළිබඳ නීති.
මෙහි ගැබ් වූ ඉතා වටිනා රන් වැකිය වනාහි, පසු කලෙක දී ජේසුස් වහන්සේ විසින් ද්විතීය ශ්‍රේෂ්ඨතම ආඥාව වශයෙන් ගෙනහැර පාන ලද, “ඔබ ඔබට ප්‍රේම කරන ලෙස ම ඔබේ අසල්වැසියාට ද ප්‍රේම කරන්න” යනු යි (19:18). 18

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්