Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

රූත් INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
ඉශ්රායෙල්හි වීරයන්ගේ රණකාමී වීර පුවත් අතර මේ කෘත්‍යය පහන් සංවේගය දනවන රමණීය කථාන්තරයකි. රූත් වනාහි, ඉශ්රායෙල් ජාතික පුරුෂයෙකු සමඟ විවාහ වූ මෝවබ් ජාතික කාන්තාවකි. ඇගේ පුරුෂයා අකලට මියගිය පසු ඈ ජීවිතය ගැන කලකිරෙනු වෙනුවට, ඉශ්රායෙල් ජාතික සිය පුරුෂයාගේ මවට ඉමහත් සෙනෙහසකින් බැඳී, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේට මහා භක්තියක් දැක්වූවා ය. පසුව ඈ නැසී ගිය ඇගේ පුරුෂයාගේ නෑදෑයන් අතරෙන් කෙනෙකු සමඟ විවාහ වූවා ය. මේ විවාහය නිසා ඈ දාවිත් රජුගේ ආත්තා වූවා ය. වීරාවලියෙහි කථාවලින් පෙනෙන්නේ, දෙවියන් වහන්සේ වෙතින් හැරී ගිය අයට වන අභාග්‍යය ගැන ය; රූත්ගේ කථාවෙන් පෙනී යන්නේ, විදේශිකයෙකු වුව ද, දෙවියන් වහන්සේ වෙත හැරීම නිසා ඇති වූ භාග්‍යය ගැන ය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 1:22 නයෝමි රූත් සමඟ බෙත්ලෙහෙමට පැමිණීම.
පරිච්ඡේද 2:1; 3:18 රූත් හා බෝවස් හමු වීම.
පරිච්ඡේද 4:1; 4:22 බෝවස් රූත් සරණ පාවාගැනීම.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්