යොෂුවා INTRO1 - Sinhala New Revised Versionහැඳින්වීම මෝසෙස්ගේ මරණයෙන් පසු, ඉශ්රායෙල් සෙනඟගේ නායකයා වශයෙන් ජෝෂුවා පත් විය. බොහෝ කලක් පාළුකරයේ වාසය කරමින් සිටි මේ සෙනඟට, සතළිස් අවුරුද්දක් තිස්සේ තමන් බලාපොරොත්තු වෙමින් සිටි පොරොන්දු දේශය අත්පත් කරගන්නට හැකි වූයේ, ජෝෂුවාගේ නායකත්වය යටතේ ය. ඉශ්රායෙල් සෙනඟ නොයෙක් සටන් කරමින් අවසානයේ දී පොරොන්දු දේශය දිනාගත් අයුරු මේ පොතේ විස්තර කර ඇත. මෙහි විස්තර කර ඇති විවිධ සිද්ධීන් අතර, ජොර්දාන් ගඟෙන් එතෙර වීම, ජෙරිකෝ නගරයේ වැටීම, ආයි නගරයට විරුද්ධ සටන සහ දෙවියන් වහන්සේත්, සෙනඟත් අතර ගිවිසුම අලුත් කරනු ලැබීම විශේෂ තැනක් ගනී. “වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අද ම තීරණය කරගන්න... අපි, එනම්, මාගේ පවුල ද මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.” (24:15) යනු, මේ පොතේ ඇති අභියෝගාත්මක සම්භාවනීය පදයකි. මෙහි අඩංගු කරුණු: පරිච්ඡේද 1-12 කානාන් දේශය ජයගැනීම. පරිච්ඡේද 13-21 දේශය බෙදීම. (අ) ජොර්දාන් ගඟෙන් නැගෙනහිර පෙදෙස 13 (ආ) ජොර්දාන් ගඟෙන් බටහිර පෙදෙස 14-19 (ඉ) අභය භූමි නගර 20 (ඊ) ලෙවීවරුන්ගේ නගර 21 පරිච්ඡේද 22 නැගෙනහිර ගෝත්‍ර තමන්ට හිමි පෙදෙසට යෑම. පරිච්ඡේද 23 ජෝෂුවාගේ අවසාන දේශනය. පරිච්ඡේද 24 ෂෙකෙම් නගරයේ දී ගිවිසුම අලුත් කිරීම. |
Ceylon Bible Society
Ceylon Bible Society