ජොයෙල් INTRO1 - Sinhala New Revised Versionහැඳින්වීම දිවැසිවර ජෝවෙල් සිටි කාලය ගැන නිශ්චිත වශයෙන් දැනගත නොහැකි වූවත්, ක්‍රිස්තු පූර්ව පස් වන සහ සතර වන ශත වර්ෂවල පර්සියානු අධිරාජ්‍යය පැවති කාලයේ දී ඔහු ජීවත් වූ බව සිතන්නට ඉඩ තිබේ. පලස්තීනයට පැමිණෙන්නට යන පළඟැටියන්ගෙන් වන විනාශයක් ගැනත්, විනාශකාරී නියඟයක් ගැනත් ජෝවෙල් විස්තර කර ඇත. මේ සිද්ධීන්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී උන් වහන්සේ අභක්තිකයන්ට දඬුවම් කරන බවට පෙර නිමිති වශයෙන් දක්වා ඇත. පසුතැවී සිත් හරවා ගැනීමට දෙවියන් වහන්සේගේ කැඳවීමත්, ජාතියේ පුනරුත්ථාපනය හා සෙනඟට ලැබෙන ආශීර්වාදය ගැන දෙවියන් වහන්සේගේ පොරොන්දුවත් මේ දිවැසිවරයා ප්‍රකාශ කරයි. ස්ත්‍රී-පුරුෂ, බාල මහලු සියල්ලන් කෙරෙහි දේවාත්මානුභාව දානය පිළිබඳ පොරොන්දුව විශේෂයෙන් සැලකිය යුතු ය. මෙහි අඩංගු කරුණු: පරිච්ඡේද 1:1; 2:17 පළඟැටි වසංගතය. පරිච්ඡේද 2:18-27 පුනරුත්ථාපනය පිළිබඳ පොරොන්දුව. පරිච්ඡේද 2:28; 3:21 සමිඳාණන් වහන්සේගේ දවස. |
Ceylon Bible Society
Ceylon Bible Society