Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝනා INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
මේ පොතේ ඇත්තේ, දෙවියන් වහන්සේගේ ආඥාවන්ට කීකරු නො වූ ජෝනා නම් එක් දිවැසිවරයෙකු පිළිබඳ කථාන්තරයකි. එය කථාන්තරයක ස්වරූපය ගෙන තිබෙන බැවින් අන් දිවැසිවරුන්ගේ පොත්වලට වඩා වෙනස් ය. කථාන්තරයේ සාරාංශය මෙසේ ය. ඉශ්රායෙල් ජාතියේ භයානක සතුරා වූ අසිරියා අධිරාජ්‍යයේ අග නුවර වන නිනිවයට ගොස් එයට විරුද්ධ ව දේශනා කරන්නට දෙවියන් වහන්සේ ජෝනාට නියම කළ සේක. එහෙත්, දෙවියන් වහන්සේ සිය තර්ජනය පරිදි එම නගරය විනාශ නොකරනු ඇතැ යි විශ්වාස කළ ජෝනා දේව අණට කීකරු නොවී, එය මඟ හැර, අන් අතකට යන පිණිස නැව් නැංගේ ය. එහෙත්, එම ගමනේ දී ඇති වූ යම් සිද්ධීන් නිසා ඔහුට නිනිවයට යන්නට සිදු විය. ඔහු නිනිවයේ විනාශය ගැන දේශනා කළ නමුත්, එය සිදු නො වූ බැවින් කලකිරුණේ ය. දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් හා දයාවෙන් පූර්ණ දෙවි කෙනෙක් බවත්, සතුරන්ට වුවත් දඬුවම් කොට විනාශ කරනවාට වඩා, ඔවුන්ට කමා කොට ඔවුන් ගළවන්නට සූදානම් දෙවි කෙනෙකු බවත් ජෝනාට හෙළි විය. දෙවියන් වහන්සේ පිළිබඳ මේ සත්‍යය ප්‍රකාශ කිරීම යි, මේ පොතේ මූලික අදහස.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-17 ජෝනාගේ කැඳවීම හා අකීකරුකම.
පරිච්ඡේද 2:1-10 ජෝනා පසුතැවී සිත හරවා ගැනීම හා ගැළවීම.
පරිච්ඡේද 3:1-10 නිනිවයට විරුද්ධ ව ජෝනාගේ පණිවුඩය.
පරිච්ඡේද 4:1-11 නිනිවය කෙරෙහි දේව දයානුකම්පාව.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්