Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
ගීතාවලිය වනාහි හෙබ්‍රෙව් ජනතාවගේ නමස්කාරයට හා භාවනා ජීවිතයට අයත් උදාර කෘතියෙකි. ප්‍රසිද්ධ නමස්කාරය සඳහා අවශ්‍ය ස්තෝත්‍ර සහ පෞද්ගලික යාච්ඤා යන අංග දෙක ම මෙහි දක්නට ඇත.
ජෙරුසලමෙහි රජු මහ දෙව් මැදුරේ දී ද වන්දනා ගමන්වල දී ද දෙවිඳාණන්ට තුති පැසසුම් දීම එහි ප්‍රමුඛ ලක්ෂණය යි.
මෙහි සඳහන් ගීත, පහත දැක්වෙන පරිදි, ප්‍රධාන කොටස් පහකට වර්ග කළ හැකි ය:
1. ස්තෝත්‍ර හා නමස්කාර ගීත 8:19-29-33-65-96-98-100-103-104 ආදිය.
2. ජාතික ආයාචනා ගීත 44:74-79-80-83 ආදිය.
3. රාජකීය ගීත 2:18-20-21-45-72-101 ආදිය.
4. පාපෝච්චාරණ හා ආයාචනා ගීත 3:5-6-7-13-17-22-51-120 ආදිය.
5. තුති පැසසුම් ගීත 30:32-34-41-66-92-138 ආදිය.
මහ දෙව් මැදුරේ නමස්කාරය පිණිස උසස් සංගීත කලාවක් ද, වාදක මණ්ඩලයක් ද මැනවින් සංවිධාන ව තිබුණු බව පෙනේ. මේ ගීත ගෙතූ බැතිමතුන්ගේ හැඟීම්වල ගාම්භීරත්වය ද භක්තිය ද, කාව්‍යමය ලක්ෂණ ද අති උදාර ය.
ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන්හි දී ද ඉගැන්වීම්වල දී ද ගීතාවලියෙන් සපයා ගත් කියුම් සඳහන් කළ බව ද කිව යුතු ය. කන්ද උඩ දේශනාවේ කියුම්වල ගීතාවලියේ ආභාසය බෙහෙවින් පිළිබිඹු වී ඇත (6:8; 24:3-4; 37:11; 48:2). කුරුසිය මත අවසාන මොහොතේ උන් වහන්සේ පැවසූ කියමනක් ද පෙනේ (22:1). මෙවැනි හේතූන් නිසා, මේ පැරණි කෘතිය අද දක්වා ම කිතුනු ලොවේ ගෞරවාදරයට ලක් වී ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්