Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ආමොස් INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
ආමොස් නම් දිවැසිවරයා ක්‍රි.පූ. අට වන සිය වසේ මැද හරියේ දී ඉශ්රායෙල් දේශයේ උතුරු රාජ්‍යයේ ජීවත් වූ කෙනෙකි. එවකට රට ආර්ථික වශයෙන් දියුණු තත්ත්වයක පැවතිණි. එහෙත්, ඒ බාහිර දියුණුව රවටන සුලු පුහු දියුණුවක් බව ආමොස් පෙන්වා දුන්නේ ය. අයුක්තියත්, අසාධාරණයත්, ගසාකෑමත්, තාඩනපීඩනත්, වංකකමත්, උසස් පෙළේ රජයේ නායකයන් අතර ද ආගමික පූජකයන් අතර ද රටේ රදළයන් අතර ද බහුල ව පැතිර තිබුණ බව ඔහු පෙන්වා දී ඒවාට විරුද්ධ ව තදින් කතා කෙළේ ය. අයුක්තිය නිසා රට හා ජාතිය පිරිහී විනාශ වන බව ඔහු තරයේ ම ප්‍රකාශ කෙළේ ය. දෙවියන් වහන්සේ යුක්ති සහගත දෙවි කෙනෙකු නිසා අයුක්තිය, අසාධාරණකම, වංකකම යනාදිය නොඉවසන බවත්, යුක්තියට විරුද්ධ ව කිසි ම ජාතියකට නැඟී සිටින්නට බැරි බවත් ඔහු මැනවින් පෙන්වා දෙයි. ඔහුගේ පොතේ දෙවියන් වහන්සේ පිළිබඳ ව ඇති අදහස අතිශ්‍රේෂ්ඨ ය. උන් වහන්සේ වූ කලී, සර්ව පරාක්‍රම, සර්ව සාධාරණ, යුක්තිගරුක, සියල්ල තීන්දු කරන දෙවියන් වහන්සේ ය. මේ ශ්‍රේෂ්ඨ අදහස අනුව ඔහු දෙන පණිවුඩය නම්: යුක්තියට පිටුපෑම දෙවියන් වහන්සේට පිටුපෑමකි; එයින් පුද්ගලයන්ටත්, ජාතීන්ටත් දේව තීන්දුවේ ප්‍ර‍තිවිපාක ඇති වේ; යුක්තියට ගරු කිරීම උන් වහන්සේට ගරු කිරීමකි; එයින් වන ප්‍ර‍තිඵලය ඉමහත් ය යනු යි.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 2:5 ඉශ්රායෙල් දේශය අවට ජාතීන් පිළිබඳ දේව විනිශ්චය.
පරිච්ඡේද 2:6; 6:14 ඉශ්රායෙල් ජාතිය පිළිබඳ දේව විනිශ්චය.
පරිච්ඡේද 7:1; 9:15 ආමොස් දුටු දර්ශන පහ.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්