2 සාමුවෙල් INTRO1 - Sinhala New Revised Versionහැඳින්වීම මේ පොතේ ඇත්තේ, දාවිත් රජුගේ රාජ්‍ය පාලනය පිළිබඳ විස්තරයකි. පළමු ව දකුණු දිශාවේ පිහිටි ජුදා දේශය කෙරෙහි ඔහුගේ රාජ්‍ය පාලනය (1-4) පිළිබඳ තොරතුරුත්, දෙවනු ව උතුරු දිශාවේ පිහිටි ඉශ්රායෙල් කෙරෙහි ඔහුගේ රාජ්‍ය පාලනය (5-24) පිළිබඳ තොරතුරුත් මේ විස්තරයට ඇතුළත් ය. සිය රාජධානිය විශාල කරගැනීමටත්, සිය තත්ත්වය තහවුරු කරගැනීමටත් අභ්‍යන්තර සතුරන් හා බාහිර සතුරන් සමඟ ඔහු කළ සටන් පිළිබඳ විචිත්‍ර විස්තර මේ පොතේ ඇත. දාවිත් රජ දෙවියන් වහන්සේ කෙරෙහි ගැඹුරු ඇදහිල්ලක් හා අචල භක්තියක් ඇති, සෙනඟගේ විශ්වාසය දිනාගැනීමට විශේෂ දක්ෂතාවක් ඇති කෙනෙකු වශයෙන් මේ විස්තරවලින් කැපී පෙනේ. ඒ අතර ඔහුගේ වැරදි, ත්‍රාස ජනක ක්‍රියා හා දරුණු පාපයන් ගැන ද මෙහි සඳහන් වේ. කෙසේ වෙතත්, නාතාන් නම් දිවැසිවරයා මේ පාප ඔහුට පෙන්වා දුන් විට ඔහු පසුතැවී සිත හරවා ගෙන දේව දඬුවමට පවා ද යටත් විය. දාවිත් රජුගේ ජීවිතයත්, දක්ෂ ක්‍රියාත්, පාලනයත් පිළිබඳ ව සෙනඟගේ සිත්හි ඇති වූයේ උදාරතම හැඟීම් ය. ඒ නිසා පසු කාලවල දී රජ කෙනෙකු අවශ්‍යවූ විට සෙනඟ ප්‍රාර්ථනා කෙළේ, ‘දාවිත්ගේ පුත්‍රයෙකි’ එනම්, පරපුරේ කෙනෙකි. මෙහි අඩංගු කරුණු: පරිච්ඡේද 1; 4 ජුදාහි දාවිත්ගේ පාලනය. පරිච්ඡේද 5; 24 ඉශ්රායෙල්හි දාවිත්ගේ පාලනය. (අ) පරිච්ඡේද 5; 10 මුල් කාලය. (ආ) පරිච්ඡේද 11; 12:25 දාවිත් සහ බැත්-ෂෙබා. (ඉ) පරිච්ඡේද 12:26; 20 කරදර හා අමාරුකම්. (ඊ) පරිච්ඡේද 21; 24 අවසාන කාලය. |
Ceylon Bible Society
Ceylon Bible Society