රූත් INTRO1 - Sinhala New Revised Version 2018හැඳින්වීම ඉශ්රායෙල්හි වීරයන්ගේ රණකාමී වීර පුවත් අතර මේ කෘත්‍යය පහන් සංවේගය දනවන රමණීය කථාන්තරයකි. රූත් වනාහි, ඉශ්රායෙල් ජාතික පුරුෂයෙකු සමඟ විවාහ වූ මෝවබ් ජාතික කාන්තාවකි. ඇගේ පුරුෂයා අකලට මියගිය පසු ඈ ජීවිතය ගැන කලකිරෙනු වෙනුවට, ඉශ්රායෙල් ජාතික සිය පුරුෂයාගේ මවට ඉමහත් සෙනෙහසකින් බැඳී, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේට මහා භක්තියක් දැක්වූවා ය. පසුව ඈ නැසී ගිය ඇගේ පුරුෂයාගේ නෑදෑයන් අතරෙන් කෙනෙකු සමඟ විවාහ වූවා ය. මේ විවාහය නිසා ඈ දාවිත් රජුගේ ආත්තා වූවා ය. වීරාවලියෙහි කථාවලින් පෙනෙන්නේ, දෙවියන් වහන්සේ වෙතින් හැරී ගිය අයට වන අභාග්‍යය ගැන ය; රූත්ගේ කථාවෙන් පෙනී යන්නේ, විදේශිකයෙකු වුව ද, දෙවියන් වහන්සේ වෙත හැරීම නිසා ඇති වූ භාග්‍යය ගැන ය. මෙහි අඩංගු කරුණු: පරිච්ඡේද 1:1–1:22 නයෝමි රූත් සමඟ බෙත්ලෙහෙමට පැමිණීම. පරිච්ඡේද 2:1–3:18 රූත් හා බෝවස් හමු වීම. පරිච්ඡේද 4:1–4:22 බෝවස් රූත් සරණ පාවාගැනීම. |