හැඳින්වීම
නෙහෙමියා වූකලී, ජුදා දේශයෙහි නායකයා වශයෙන් පර්සියානු අධිරාජයා විසින් පත් කරන ලද ජුදෙව්වන්ගේ මූලිකයෙකි. ජුදෙව් ඉතිහාසයේ ඔහු විශේෂ තැනක් ගන්නේ, ජෙරුසලමේ ප්‍රාකාරය නැවත ගොඩනැඟුවා වූ තැනැත්තා වශයෙනි. ඔහුගේ කාලයේ දී ආගමික හා සාමාජයික ප්‍රතිසංස්කරණයන් කීපයක් ම ඇති කරන ලදී. ඔහු දෙවියන් වහන්සේට කළ යාච්ඤා පිළිබඳ සටහන් ද මේ පොතේ විශේෂ තැනක් ගනී.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1–2 නෙහෙමියා ආපසු ජෙරුසලමට පැමිණීම.
පරිච්ඡේද 8–10 ව්‍යවස්ථාව කියවීම; ගිවිසුම අලුත්කිරීම.
පරිච්ඡේද 11–13 නෙහෙමියාගේ තවත් ක්‍රියා.