Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙරෙමියා INTRO1 - Sinhala New Revised Version 2018

1

හැඳින්වීම
දිවැසිවර ජෙරමියා ක්‍රි.පූ. හත් වන සිය වසෙහි අවසාන බාගයේත් හය වන සිය වසෙහි මුල් බාගයේත් අතර කාලයේ ජීවත් විය. සෙනඟගේ පාප සහ මිථ්‍යා ඇදහිලි හා විශ්වාස නිසා ජාතියට පැමිණෙන්නට යන මහා විපත්තිය ගැන ඔහු අනතුරු ඇඟවීමක් කෙළේ ය. ජෙරුසලම, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ට යටත් වීමත්, ශුද්ධ නගරය හා දේව මාලිගාව විනාශ වීමත් ජුදාවේ රජු හා සෙනඟ බොහෝ දෙනෙකු බබිලෝනියේ විප්‍රවාසගත වීමත් මේ කාලයේ දී ඇති වූ බැවින්, ඔහුගේ අනාවැකිවල සත්‍යතාව ඔහුගේ ම ඇස්වලින් ඔහුට දැකගත හැකි විය. සෙනඟ විප්‍රවාසයෙන් ආපසු එන බවත්, ජාතියේ පුනරුත්ථාපනය ඇති වන බවත් ඔහු ප්‍රකාශ කෙළේ ය.
ජෙරමියා, සිය සෙනඟට බොහෝ සේ ප්‍රේම කළ, ඔවුන්ට විරුද්ධ ව විනිශ්චය ප්‍රකාශ කිරීම එපා කළ, සියුම් හැඟීම් ඇති කෙනෙකි. දෙවියන් වහන්සේ, දිවැසිවරයෙකු වීමට ඔහු කැඳෙව් නිසා ඔහුට විඳින්නට සිදු වූ දුක් ගැන බොහෝ පාඨවල ඔහු බලවත් චිත්ත වේගයෙන් කතා කරයි. දේව පණිවුඩය ඔහුගේ සිතේ වසං කළ නොහැකි ගින්නක් වැනි විය. ඔහුගේ ශ්‍රේෂ්ඨතම වචන වූකලී ඔහුගේ කාලයෙන් පසු ඇති වන්නට යන නව ගිවිසුමක් පිළිබඳ ව ය. එය ව්‍යවස්ථාවක් පිට පවතින ගිවිසුමක් නොව, මිනිසාගේ සිතේ කෙටී පවතින ගිවිසුමකි (31:31-34).
මේ පොතේ අඩංගු කරුණු:
පරිච්ඡේද 1 ජෙරමියාගේ කැඳවීම.
පරිච්ඡේද 2–2 ජොෂියා, ජෙහෝයාකිම්, ජෙහෝයාකින් හා ශෙදෙකියාගේ කාලයට අයත් අනාවැකි.
පරිච්ඡේද 26– 45 ජෙරමියාගේ ජීවිතයේ සිද්ධීන්.
පරිච්ඡේද 46–51 විජාතීන්ට විරුද්ධ ව අනාවැකි.
පරිච්ඡේද 52 ජෙරුසලමේ වැටීම.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්