Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එසකියෙල් INTRO1 - Sinhala New Revised Version 2018

1

හැඳින්වීම
ක්‍රි.පූ. 586 දී ජෙරුසලමේ වැටීමට පෙරත් ඊට පසුත් අතර කාලයේ දී, දිවැසිවර එසකියෙල් බබිලෝනියේ විප්‍රවාසගත ව විසී ය. ඔහු දෙවියන් වහන්සේගේ විශේෂ සංකේතාත්මක දර්ශනයක් තුළින් කැඳවනු ලැබ, දිවැසිවර සේවයට කැප වූවෙකි. ඔහුගේ පණිවුඩය විශේෂයෙන් යොමු කරන ලද්දේ බබිලෝනියේ විප්‍රවාසගත ව සිටි සෙනඟටත්, ජෙරුසලමේ වැසියන්ටත් ය.
එසකියෙල් ගැඹුරු ඇදහිල්ලක් හා උදාර චින්තන ශක්තියක් තිබුණු දිවැසිවරයෙකි. පුළුල් දැනුමක් හා තීක්ෂණ බුද්ධියකින් යුත් වූ හෙතෙම විවාදයට භාජනය වූ ප්‍රධාන ප්‍රශ්න වහා වටහාගෙන, රූපක හා සංකේත මඟින් ඒවාට විසඳුම් සෙවීමේ දක්ෂතාවක් තිබුණු කෙනෙකු බව පැහැදිලි ය. ඔහුගේ පණිවුඩ බොහෝමයක් විචිත්‍ර සංකේතාත්මක ක්‍රියා මඟින් දෙන ලද්දේ ය. ආධ්‍යාත්මික පාරිශුද්ධියේ අවශ්‍යතාවත් තමාගේ පව් පිළිබඳ පෞද්ගලික වගකීමත් ඔහු අවධාරණයෙන් කියා සිටියේ ය. ජාතියේ පුනර්ජීවනය පිළිබඳ තමාගේ බලාපොරො‍ත්තුව ප්‍රකාශ කළ ඔහු පූජකයෙකු හා දිවැසිවරයෙකු වශයෙන් දේව මාලිගාව හා ශුද්ධවන්තකමේ අවශ්‍යතාව ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1–3 එසකියෙල්ගේ කැඳවීම
පරිච්ඡේද 4–24 ජෙරුසලමේ විනාශය ගැන පණිවුඩ
පරිච්ඡේද 25–32 ජාතීන් කෙරෙහි දේව විනිශ්චය
පරිච්ඡේද 33–37 සිය සෙනඟට දෙවියන් වහන්සේගේ පොරො‍න්දුව
පරිච්ඡේද 38–39 ගොග්ට විරුද්ධ දිවැස් වැකි
පරිච්ඡේද 40–48 අනාගත දේව මාලිගාව හා දේශය පිළිබඳ දර්ශනයක්

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්