මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 10 - Sinhala New Revised Version 2018ප්‍රඥාව මඟින් රැකවරණය 1 මිනිස් වර්ගයාගේ පියා වූ මවනු ලැබූ පළමු මිනිසා තනි ව මවන ලදී. ඔහුගේ රැකවල්කරු ප්‍රඥාව වූවා ය. ඈ ඔහු පවින් මුදාගත්තා ය. 2 සියල්ල පාලනය කිරීමට ඈ ඔහුට ශක්තිය දුන්නා ය. 3 එක් මිනිසෙක් සිය උදහසින් පවිටුවෙකු වී, ඇය එපා කළ පසු ඔහු තම සහෝදරයා සමඟ විරුද්ධ ව ඇති කරගත් කෝපාග්නියෙන් නැසී විනාශ විය. 4 ඔහුගේ පාපය නිසා පොළොව ජල ගැල්මට යට වූ විට කුඩා ලී කොටයක් උඩ සිටි දැහැමි මිනිසෙකු හට මඟ පෙන්වමින් ඒ මිනිසා යළි මුදාගත්තේ ප්‍රඥාව විසින් ය. 5 යළි දුෂ්ටකමට පංගුකාරයන් වී ජාතීන් අවුල්වියවුල්වලට භාජන වූ විට දැහැමි මිනිසෙකු තෝරාගන්නා ලද්දේ ප්‍රඥාව විසින් ය. දැහැමි මිනිසෙක් දෙවිඳුන් අබිමුව නිදොස් කෙනෙකු ලෙස ප්‍රඥාව විසින් ආරක්ෂා කරන ලදී. සිය දරුවා කෙරෙහි වූ අනුකම්පාව ඉදිරියේ ප්‍රඥාව ඔහු දිරිමත් කළා ය. 6 නගර පහ මත ගිනි වැසි වසින විට දැහැමි මිනිසෙකු පලා යද්දී, අභක්තිකයන් මිය යද්දී ඔහු ගළවා ගත්තේ ප්‍රඥාව විසින් ය. 7 පවිටු මඟට විරුද්ධ ව සාක්ෂ්‍ය දරමින්, ඒ දේශය තවමත් දුම් දමයි. එහි ඇති පැළෑටිවල පල කිසි දා නොපැසෙයි. අවිශ්වාස කෙනෙකුට ඉදිකළ සිහිවටනයක් වන ලුණු කණුවක් එහි පිහිටා ඇත. 8 ප්‍රඥා මඟ ඉවත ලූ බැවින් යහපත පිළිබඳ දැනුම ඔවුන්ට නැතිවිය. ඔවුන්ගේ අපරාධ නොනස්නා ලෙස ප්‍රකාශ වන ලෙස ඔව්හු ඔවුන්ගේ මෝඩකම පිළිබඳ සිහිවීමක් ඇත්තෙන් ම ලොවට තබා ගියෝ ය. 9 ප්‍රඥාව ඇගේ සේවකයන් කරදරවලින් මිදුවා ය. 10 දැහැමියා සිය සොහොයුරාගේ කෝපයෙන් පලා යන විට ඔහුට යහ මඟ යාමට මඟ පෙන්වන ලද්දේ ප්‍රඥාව විසින් ය. ඈ ඔහුට දේව රාජ්‍යය පෙන්වා දී ශුද්ධ දේ ගැන දැනුම දුන්නා ය. ඈ ඔහුට තම ශ්‍රමයේ ඵල ලබා දී තම වෙහෙසමහන්සියේ ප්‍රතිඵල දුන්නා ය. 11 පීඩාකාරී මසුරු මිනිසුන්ගෙන් මිදීමට ඈ ඔහුට සහාය දී ඔහු ධනවත් කළා ය. 12 ඈ ඔහු සතුරන්ගෙන් ආරක්ෂා කොට ඔවුන් ඔහුට ඇටවූ උගුල්වලින් ඔහු ගැළෙව්වා ය. බැතිමත්කම සියල්ලට වඩා ශක්තිමත් බව පෙන්වා දෙන පිණිස දැඩි සටනක දී ඈ ඔහුට ත්‍යාගයක් ප්රදානය කළා ය. 13 දැහැමියා විකුණනු ලැබූ විට ඈ ඔහු අත් නොහැර ඔහු පවින් නිදොස් කොට තබාගත්තා ය. 14 ඈ ඔහු සමඟ අඳුරු හිර ගෙයට ගියා ය. ඔහුගේ සිර විලංගුවල ඔහු අත් නොහැර රාජ්‍යයක ජයකොන්තය ද සාහසික අධිපතීන් කෙරෙහි බලය ද ඔහුට ලබා දී ඔහුට චෝදනා කළ අය බොරුකාරයන් බව පෙන්වා ඔහුට සදා ගෞරවය දුන්නා ය. නික්මයාම සිද්ධියෙහිදී ප්‍රඥාවේ මඟපෙන්වීම 15 පීඩාකාරී ජාතියකින් ශුද්ධ වූ සෙනඟක් ද නිදොස් වංශයක් ද ප්‍රඥාව විසින් ගළවාගන්නා ලදී. 16 ඈ සමිඳුන්ගේ සේවකයාගේ ආධ්‍යාත්මයට ඇතුළු වී අරුමපුදුම දේ හා ලකුණු පෙන්වා බියජනක රජුන්ට විරුද්ධ ව නැඟී සිටියා ය. 17 සැදැහැවතුන් හට ඔවුන්ගේ ශ්‍රමයේ වේතනය ඈ දානය කළා ය. ඈ පුදුම මඟකින් ඔවුන් ගෙන ගියා ය. ඈ දිවා කාලයේ ඔවුන්ට රැකවරණය වූවා ය; රෑ කාලයේ ඔවුන්ට තරු එළිය වූවා ය. 18 ඈ ඔවුන් රතු මුහුද මැදින් ගෙන ගොස් මහා ජලස්කන්ධයක් මැදින් ඔවුන්ට මඟ පෙන්වූවා ය. 19 ඈ ඔවුන්ගේ සතුරන් රළ පතරේ ගිල්ලෙව්වා ය. ඉන්පසු මුහුදු පත්ලෙන් ඔවුන් පිටත දැමුවා ය. 20 මෙසේ දැහැමියෝ නොදැහැමියන් කොල්ලකෑවෝ ය. ස්වාමීනි, ඔව්හු ඔබේ සුවිශුද්ධ නාමය උසස් ලෙස වර්ණනා කළෝ ය. රැකවරණය දෙන ඔබේ හස්තය ඒකමතික ව පැසසුවෝ ය. 21 මන්ද, ප්‍රඥාව ගොළුවන්ගේ මුඛ විවෘත කළා ය. සිඟිත්තන් හට කතාවේ වරය දුන්නා ය. |