මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 9 - Sinhala New Revised Version 2018විවාහ මංගල්‍යය 1 එවිට තෝබියස් රපියල් වෙත හැරී, 2 “සොහොයුරු අසරියස්, ඔබ සේවකයන් සතර දෙනකු ද, ඔටුවන් දෙදෙනෙකු ද රැගෙන රාගේස් නගරයට පිටත් ව යන්න. 3 ගබයෙල්ගේ නිවෙසට ගොස් කුවිතාන්සිය ඔහුට දී, මුදල් ගැන සලකා බලන්න. ඉන්පසු මගේ විවාහ මංගල්‍යයට ඔබ සමඟ ඔහුට එන්නට ආරාධනා කරන්න. 4 මගේ පියා දවස් ගණන් කරමින් සිටින බව ද ඔහුට කරදර නො දී නැවතීමට එක දවසක් වත් මට බැරි බව ද ඔබ දන්නෙහි ය. 5 රගුවෙල් කරන්නට පොරොන්දු වූ දේ ඔබ දන්නෙහි ය. ඔහුගේ දිවිරීමෙන් මම බැඳී සිටිමි”යි කීවේ ය. 6 එවිට රපියල් සේවකයන් සතර දෙනා සහ ඔටුවන් දෙදෙනා සමඟ මේදියාවේ රාගේස් නුවරට පිටත් ව ගියේ ය. ඔවුන් ගබයෙල් සමඟ නැවතුන පසු රපියල් ඔහුට කුවිතාන්සිය පෙන්වී ය. 7 තවද ඔහු තෝබිත්ගේ පුත්‍ර තෝබියස්ගේ විවාහය ගැන ද ඔහුට දන්වා විවාහ මංගල්‍යයට ඔහුගේ ආරාධනා පත්‍රය ද දුන්නේ ය. ගබයෙල් ගෝනි ප්‍රමාණය ගණන් කරන්නට විය. ඒවායේ මුද්‍රා ද නොකඩා තිබිණි. ඉන්පසු ඔව්හු ඒවා ඔටුවන් පිට පැටවූ හ. 8 පසුදා අලුයම ඔව්හු එක් ව මංගල්‍යයට යන්ට පිටත් වී රගුවෙල්ගේ නිවෙසට ළඟා වූ හ. එහි තෝබියස් ආහාර අනුභව කරමින් සිටියේ ය. ඔහු ගබයෙල්ට ආචාර කිරීමට නැඟිට්ටේ ය. එවිට ගබයෙල් හඬන්න පටන්ගෙන මේ වචනවලින් ඔහුට ආශීර්වාද කරමින්, “ගනු-දෙනුවල දී සාධාරණ වූ ද, ත්‍යාගශීලී වූ ද කිසි දෝෂාරෝපණයක් රහිත පියෙකුගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙකි, ඔබ. 9 සමිඳාණන් වහන්සේ ඔබට ද ඔබේ බිරිඳට ද, ඔබේ බිරිඳගේ දෙමාපියන්ට ද ස්වර්ගීක ආශීර්වාදය දානය කරන සේක් වා! මාගේ සහෝදර තෝබිත්ගේ ජීවමාන පිළිරුවක් වැනි මොහු දැකීමට මට වරම් දීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!”යි කීවේ ය. |