Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 5 - Sinhala New Revised Version 2018


ධනය සහ අහංකාරය

1 ධනය කෙරෙහි විශ්වාස නොකරන්න. “මම සියල්ලෙන් පරිපූර්ණ ව සිටිමි”යි නොකියන්න.

2 ඔබේ සිතේ තණ්හාවන් අනුව නොයන්න. ඉඳුරන්ට හා ශක්තියට වසඟ නොවන්න.

3 “මා කෙරෙහි බලය ඇත්තේ කාට දැ”යි නොකියන්න. සමිඳාණෝ ඔබට දඬුවම් කරන සේක.

4 “මම පව් කෙළෙමි; එහෙත්, මට කුමක් සිදු වූයේ දැ”යි නොකියන්න. මන්ද, සමිඳාණෝ මහත් ඉවසීමකින් සිටින සේක.

5 පාපය පිට පාපය ගොඩගසමින් නියත ලෙස ඔබට කමාව ලැබෙති යි නොසිතන්න.

6 “උන් වහන්සේගේ අනුකම්පාව මහත් ය, උන් වහන්සේ මාගේ පව් රාශිය කමා කරන සේකැ”යි නොකියන්න. මන්ද, උන් වහන්සේ වෙත දයාවත්, උදහසත් ඇත්තේ ය. උන් වහන්සේගේ බලවත් කෝපය පව්කාරයන් පිට හෙළනු ලබන්නේ ය.

7 සමිඳුන් වෙත ආපසු හැරී එන්නට පමා නොවන්න. දවසින් දවස එය කල් නොදමන්න. මන්ද, සමිඳුන්ගේ උදහස හදිසියෙන් ඇවිලෙන්නේ ය. විනිශ්චය දිනයෙහි දී ඔබ සම්පූර්ණයෙන් වනසනු ලබන්නෙහි ය.

8 අධර්මයෙන් උපදවන ලද ධනය කෙරෙහි සිත යොමු නොකරන්න. විපත්ති දිනයෙහි දී එයින් ඔබට ප්‍රයෝජනයක් නොවන්නේ ය.


අචලතාව හා ශාන්ත භාවය

9 සුළඟ හමන හැම අතට ම නොහැරෙන්න. හැම අඩිපාරක ම ගමන් නොකරන්න. එය වංචනික පව්කාරයාගේ පුරුද්ද ය.

10 ඔබ පිළිගත් සත්‍යයන්හි ස්ථිර ව සිටින්න. ඔබේ කතාවෙහි දී අවංක වන්න.

11 ඇහුම්කන් දෙන්න කඩිනම් වන්න. හිතාමතා උත්තර දෙන්න.

12 කරුණ ඔබට වැටහේ නම්, ඔබේ අසල්වැසියාට පිළිතුරු දෙන්න. එසේ නොවේ නම්, ඔබේ අතින් කට වසාගන්න.

13 ගෞරවය ද අපකීර්තිය ද කතාවෙන් නික්මෙන්නේ ය. මනුෂ්‍යයෙකුගේ දිවෙන් ඔහුගේ විනාශය සැලසෙන්නේ ය.

14 ප්‍රලාප කියන්නෙකු මෙන් ප්‍රසිද්ධ නොවන්න. කටමැත දෙඩීමෙන් කූට උපා නොයොදන්න. මන්ද, සොරාට ලජ්ජාව සූදානම් ව තිබෙන්නාක් මෙන්, වංක මිනිසාට කර්කශ දණ්ඩනය සූදානම් ව ඇත්තේ ය.

15 කුඩා දේවල දී මෙන් ම මහත් දේවල දී ද, වරදින් වළකින්න. මිත්‍රයෙකු ව සිටිය යුතු තැන සතුරෙක් නොවන්න.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්